කතරගම නිවාඩු නිකේතනයක වෙඩි තබාගැනීමක්

දෙසැ 21, 2019

    කතරගම, සිතුල්පව්ව මාර්ගයේ නිවාඩු නිකේතනයක කාමරයක් තුල දී ඊයේ රාත්‍රී 12.00ට පමණ පුද්ගලයෙකු (47) වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

    වෙඩි තබාගැනීමෙන් සියදිවි හානිකරගත් අය සමන්ත කෝනාර නමැත්තෙකු බවට හඳුනාගෙන ඇත. මියගිය පුද්ගලයා හිස ප්‍රදේශයට වෙඩි තබාගෙන ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on සෙනසුරාදා, 21 දෙසැම්බර් 2019 08:35

    Latest News