සහල් පාලන මිල කඩ කරන වෙළෙඳ සැල් පරීක්ෂාව දිගටම

දෙසැ 20, 2019

    පාරිභෝගික කටයුතු අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලීසිය ඒකාබද්ධව පාලන මිලට වැඩියෙන් සහල් අළෙවි කරන වෙළෙඳ සැල් වැටලීම දැන් ආරම්භ කර ඇත. 

    පාරිභෝගික අධිකාරිය පසුගියදා දේශීය සම්බා සහ නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 98ක් ලෙස ගැසට් මගින් නිවේදනය කළේය.

    ඊයේ සහ අද කළ වැටලීම්වලදී වෙළෙඳ සැල් 1430ක් පරීක්ෂාවට ලක්වු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. පාලන මිලට වැඩියෙන් සහල් අළෙවි කළ වෙළෙඳසැල් 512ක් හඳුනා ගැනිමට හැකි වු පොලිසිය නිවේදන කළ බවත් එහි සඳහන්වේ.

    අද හඳුනාගත් පාලන මිල කඩ කළ වෙළෙඳ සැල් 89කට නඩු පවරා ඇති. ගැසට් නිවේදනය නිකුත් කිරිමට පෙර හඳුනාගත් වෙළෙඳසැල් හිමියන් දැනුවත් කර අවවාද කර තිබේ.

    Latest News