මී ඔය අවට පහත්බිම්වල ජනතාවට ඉවත්වීමේ නිවේදනයක්

දෙසැ 20, 2019

    පවතින අධික වර්ෂාව හේතුවෙන් තබ්බෝව ජලාශයෙන් විශාල ජල ප්‍රමාණයක් මී ඔයට මුදා හැරීමෙන් මී ඔය දෙපස පහත් බිම්වල ජීවත්වන ජනතාව සුරක්‍ෂිත ස්ථාන කරා කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දන්වා සිටී.

    එමෙන්ම මහවැලි ගංඟාවේ ද ජල මට්ටම වැඩිවෙමින් පවතින බැවින් වැලිකන්ද, කින්නියා, මුත්තූර්, සේරුවිල, කන්තලේ, ලංකාපුර, මැදිරිගිරිය, තමන්කඩුව සහ දිඹුලාගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම්වල ජනතාවට ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී ඇත. පවතින අයහපත් කාලගුණ තත්වය පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නිකුත් කරන නිවේදන කෙරෙහි අවධානයෙන් කටයුතු කරන්නැයි ඉල්ලා සිටී.

    Latest News