මරදාන-දෙමටගොඩ දුම්රිය ප්‍රමාදය තවදුරටත්

දෙසැ 20, 2019

    මරදාන හා දෙමටගොඩ අතර පීලි පැනීමට ලක්ව තිබෙන දුම්රිය එන්ජිම පිලිගත කිරීමට නොහැකිවීම හේතුවෙන් තවදුරටත් දුම්රිය ප්‍රමාදයක් ඇතිවිය හැකි බව, දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

    අයහපත් කාලගුණය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය ද තාවකාලිකව අත්හිටුවා තිබේ. මරදාන සිට ගල්කිස්ස දක්වා ධාවනය වීමට නියමිතව තිබූ අංක 55 දරණ දුම්රිය ඊයේ පස්වරුවේ පීලි පැනීමට ලක්විය. එම දුම්රිය එන්ජිම පිලිගත කිරීමේ කටයුතු අද දිනය පුරා සිදු කෙරුණ ද දැනට එය තාවකාලිකව නතර කර තිබේ. මේ අතර මී ඔය, කෝන්වැව ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා කොළඹ සිට මඩකලපුව දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි. බණ්ඩාරවෙල සහ බදුල්ල අතර දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු බණ්ඩාරවෙලට පමණක් සීමාකර තිබේ.

    Latest News