තවුහිත් ජමාද් ඉල්හාම්ගේ ශරීර කොටස් භූමිදානකර වාර්තාවක් දෙන්නැයි අධිකරණ නියෝග

දෙසැ 18, 2019

    කොලඹ ෂැංග්‍රිල්ලා හෝටලයට ඉකුත් අප්‍රේල් 21 වැනිදා බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් මිය ගිය ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායකයා වූ සහරාන් මොහොමඞ් කාසිම් නැමැත්තා සමග බෝම්බ පුපුරුවා හරිමින් මියගිය මොහොමඩ් ඉල්හාම් අහමඩ් නැමැත්තාගේ ශරීර කොටස් භුමදාන කොට ඒ සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අද 18 කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා තිඹිරිගස්යායා ප්‍රාදේශීය ලේකම්වරාය‍වෙත් නියෝගයක් නිකුත් කළේය.

    දැනට කොළඹ මහරෝහලේ මෘත ශරීරාගාරයේ රඳවා ඇති එම ශරීර කොටස් භුමදාන කටයුතු සිදු කිරිම සඳහා තිඹිරිගස්යායා ප්‍රාදේශීය‍ ලේකම්වරයා වෙත මුදා හරින ලෙස කොළඹ අධිකරණ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයාට ද මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කළේය.

    මෙම ශරීර කොටස් බොරැල්ල කනත්තේ භූමදාන කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටි අදාළ නියෝග නිකුත් කළේය.

    මහේස්ත්‍රාත්වරයා මේ නියෝග සිදු කළේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් ස්වයංඝාතක ත්‍රස්තවාදින් දෙදෙනොගේ ශරීර කොටස් ඔහුගේ පවුලේ ඥාත්නි භාර ගැනිම ප්‍රතික්ෂපේ කරන බවට අධිකරණයට සිදු කළ දැනුම් දීමෙන් අනතුරුවයි.

    සිද්ධියට අදාල නඩුව ලබන ජනවාරි මස 22 දා නැවත කැඳවන ලෙස මහෙස්ත්ත්‍රාත්වරයා නියෝග කළ අතර එදිනට විමර්ශන ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන්නැයි නියෝග කළේය.

    Last modified on බදාදා, 18 දෙසැම්බර් 2019 16:17

    Latest News