ජනාධිපතිවරණ නීති සංශෝධනයට කමිටු සාකච්ජාවක්

දෙසැ 18, 2019

    ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයින් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත්වීමෙන් ඇති වු තත්වය පාලනයට ජනාධිපතිවරණය නීති සංශෝධනයට අවශ්‍ය පියවර ගැනිමේ සාකච්ඡාවක් අද පැවැත්විණ.

    අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට නීතිපති දෙපාර්තමේන්තුවේ, මැතිවරණ කොමිසමේ හා අධිකරණ අමාත්‍යාංශයේ නියෝජිතයින් ගෙන් සැදුම්ලත් කමිටුවක් සහභාගි වුයේය.

    ජනාධිපතිවරණ නීතිය කුමන ආකාරයකින් සංශෝධනය විය යුතුද යන්න පිළිබදව මෙහිදි අවධානය යොමු කෙරිණ.

    පසුගිය ජනාධිපතිවරණයේදි අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත්විමෙන් විාශාල පිරිවැයක් දැරිමට සිදුවීමත්, ඡන්දදායකයින්ට සිදුවූ අපහසුතාව, මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට, මැතිවරණ කොමසාරිස්වරයාට, මැතිවරණය පවත්වාගෙන යාමට වූ අපහසුතාවයන් මෙම සාකච්ඡාවේදි විශේෂ අවධානය යොමු වු බව අධිකරණ අමාත්‍යංශය පවසයි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වු අපේක්ෂකයින්ගේන් විශාල පිරිසකට 0.1%ක  ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වුයේය. එ අනුව ජනාධිපති මැතිවරණ පනත සංශෝධනය කොට මෙම තත්වය මගහරවාලීමට අවශ්‍ය පියවර ගැනීමට නියමිතයි.

    පළාත් සභා ඡන්ද පැවැත්වීම සදහා දැනට ඇති නීතිමය බාධාවන් ඉවත්කරවා ගනිමින් ඒ සදහා සුදුසු සංශෝධනයන් පිළිබදව පුළුල් ලෙස සාකච්ඡා කර කඩිනම් විසඳුමක් යෝජනා කරන ලෙස අමාත්‍යවරයා මෙම නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේය. බොහෝ රාජ්‍ය ආයතනවල සේවය කරන රාජ්‍ය නිලධාරීන්ට තැපැල් ඡන්දය පාවිච්චි කිරීමේ අවසථාව නොලැබින බැවින් තැපැල් ඡන්දදායකයින්ගේ ප්‍රමාණය පුළුල් කිරිම පිළිබඳව සාකච්ඡාවි තිබේ.

     

    Last modified on බදාදා, 18 දෙසැම්බර් 2019 11:07

    Latest News