කැගල්ල අධිකරණ භූමියේ පරීක්ෂාවට සිටි පොලීසියේ 2කගේ වැඩ තහනම්

දෙසැ 18, 2019

    කෑගල්ල උසාවිය අසළ තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ භූමියේ එම අවස්ථාවේ දී පරීක්ෂා කිරීමට සිටි සැරයන්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

    ඒ රාජකාරී නිසි පරිදි සිදු නොකිරීමේ චෝදනාව මතයි.

    කෑගල්ල ප‍්‍රදේශයේ දෙදරු මවක් සිය ස්වාමියාගේ පිහිපහරට ලක් විමෙන් කෑගල්ල අධිකරණ භූමිය අසළ දී ඊයේ (17) මරණයට පත්විය. මෙසේ මිය ගියේ 36 හැවිරිදි මීදුම, යටගම, රඹුක්කන පදිංචි කාන්තාවකි. ඇය කෑගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු කටයුත්තකට පැමිණී අවස්ථාවේ සිය ස්වාමියා විසින් පිහි ඇණුමක සිදුකර තිබේ.

    දෙදෙනා අතර ඇති කර ගත් පවුල් ආරවුලක් දුර දිග ගොස් එම නඩු විභාගය ඊයේ පෙරවරුවේ කෑගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේදි විභාග විමට තිබුණු අවස්ථාවේ මෙම ඛේදවාචකය සිදු කර ගෙන ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර 40 හැවිරිදි රාජපක්ෂ පේඩිගේ ජගත් ප‍්‍රදීප් ගුණසේන යන අය අය මේ වන විට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම මිය ගිය කාන්තාවට හා සැකකාර පියාට පාසල් අධ්‍යාපනය හදාරන පිරිමි දරුවන් දෙදෙනෙකු වන අතර එක් දරුවෙකුට වයස අවුරුදු 5කි. අනික් දරුවාට වයස අවුරුදු 11 ද වන බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලීසියේ පරික්ෂණ සිදු වෙමින් පවති.

    Last modified on බදාදා, 18 දෙසැම්බර් 2019 08:38

    Latest News