සිමෙන්ති රු. 100කින් අඩු වේ (වීඩියෝ)

දෙසැ 14, 2019

    VAT අඩුකිරීමේ සහ NBT අහෝසි කිරීමේ ප්‍රතිලාභය ජනතාවට ලබාදෙමින් ලබන සතියේ සිට සිමෙන්ති කොට්ටයක මිල රු. 100කින් අඩු කෙරේ.

    අභ්‍යන්තර වෙළඳ සහ පාරිභෝගික සුබසාධන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ජාතික රූපවාහිනියට ප්‍රකාශ කරමින් මේ බව සඳහන් කළේය.

    නව බදු සංශෝධනවලට අනුව සිමෙන්ති මිල අඩු විය යුතු වූ නමුත් මේ වන තෙක් මිල පහළයෑමක් සිදු නොවුනු අතර මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඒ පිළිබඳ මැදිහත් වීමක් සිදු කරනු ඇති බවට පසුගිය දා වාර්තා පළ විය.

    සිමෙන්ති කොට්ටයක් රුපියල් 1095ත් 1050 අතර මුදලකට මේ වන විට අලෙවි කෙරේ. එයට සියයට පහලවක් වු වැට් බද්ද සහ සියයට 02ක් ජාතිය ගොඩනැගිමේ බද්ද ඇතුලත්වේ. නව බදු සංශෝධනය අනුව වැට් බද්ද සියයට අට දක්වා පහළ දැමු අතර ජාතිය ගොඩනැගිමේ බද්ද අහෝසි කෙරිණ. එ අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 75ත් 100 අතර ප්‍රමාණයකින් පහළ යෑමක් සිදු විය යුතුය.

    Last modified on සෙනසුරාදා, 14 දෙසැම්බර් 2019 19:42

    Latest News