2024 ජනවාරි 01 සිට VAT අහෝසි කර අලුත් බදු ක්‍රමයක්

ජූනි 06, 2023

    දැනට ක්‍රියාත්මක සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය 2024 ජනවාරි පළමුවැනිදා සිට අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

    ඒ අනුව එකතු කළ අගය මත බදු පනතේ විධිවිධාන සංශෝධනය සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහන අනුව, එකතු කළ අගය මත බද්ද සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රතිසංස්කරණ දෙකක් හඳුන්වාදිය යුතුව තිබෙනවා. ඒ යටතේ බහුතරයක් නිදහස් කිරීම් ඉවත් කරමින් එකතු කළ අගය මත බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමත් සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය අහෝසි කිරීමත් සිදුකළ යුතුව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

    Latest News