ඉදිරියේ දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් සිදු කිරීමට අපේක්‍ෂා කරන බව, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

පාසල් පද්ධතිය තුළ ජාතික පාසල් සංඛ්‍යාව 1,000ක් ලෙස වර්ධනය කිරීමටත් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි නව ත්‍රෛභාෂා පාසල් පිහිටුවීමටත් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තියක් ලෙස අනුමත කර තිබේ.

ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ තෙවැනි පියවර යටතේ ඉදි කළ පාසල ගොඩනැඟිලි 500ක් අධ්‍යාපන පද්ධතියට එක් කිරීම ලබන 9 වැනිදා සිදු කිරීමට නියමිතයි.

ආර්ථිකය නවීකරණය කර ඉදිරියට යෑම සඳහා පුහුණු ශ්‍රමිකයන් අවශ්‍ය බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

1955 වසරේ සිට පවත්වා ගෙන යනු ලබන මාතලේ දිස්ත්‍රික් විල්ගමුව අධ්‍යාපන කලාපයට අයත් ලග්ගල නාරංගමුව ප්‍රාථමික විදුහලේ අඩුපාඩු රැසක් පැවතීම නිසා දරුවන්ගේ අධ්‍යාපනයට මෙන්ම ඉගැන්වීම් සිදු කරන ගුරුවරුන්ට ද දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව තිබේ.

Latest News