2024 සංශෝධිත පාසල් වාර සටහන නිකුත් කෙරේ

මාර් 03, 2024

    2024 වර්ෂයේ සංශෝධිත පාසල් වාර සටහන අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    ඒ අනුව පෙබරවාරි මස 19 වැනිදා ආරම්භ වු පළමු පාසල් වාරයේ පළමු අදියර අප්‍රේල් මස 10 වැනිදා දක්වා ක්‍රියාත්මක වනවා.

    පළමු වාරයේ දෙවන අදියර අප්‍රේල් මස 24 වැනිදා සිට මැයි මස 3 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ආරම්භ වන පළමු පාසල් වාරයේ තෙවන අදියර මැයි මස 20 වැනිදා සිට මැයි මස 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙන්නේ.

    දෙවන පාසල් වාරය ජුනි මස 3 වැනිදා සිට අගෝස්තු මස 16 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර 2024 වසරේ තෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු මස 26 වැනිදා සිට නොවැම්බර් මස 22 වැනිදා දක්වා පැවැත්වෙන අතර උසස් පෙළ විභාගයෙන් අනතුරුව තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2025 වසරේ ජනවාරි මස 2 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි.

    2024 තෙවන පාසල් වාරය ජනවාරි මස 17 වනදා අවසන් වීමට නියමිතව ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    65e3d04cbfd04

    65e3d04db6a46

    Latest News