දාහත් හැවිරිදි තරුණයා ඝාතනය කළ මිල්ටන් සහ ආජා පෝරකයට

දෙසැ 12, 2019

    දාහත් හැවිරිදි තරුණයෙකු ඝාතනයට වරදකරු වු විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මරණීය දණ්ඩනය නියම කළේය.

    කොටහේන ප්‍රදේශයේ පදිංචි ගුරුසාමි මිල්ටන් සහ කළුතන්ත්‍රිගේ රුවන් හෙවත් ආජා නමැති විත්තිකරුවන් දෙදෙනාට මෙසේ මරණීය දණ්ඩනය නියම කෙරිණ.

    ගුරුසාමි මිල්ටන් නැමති විත්තිකරු මේ වනවිට අධිකරණය මග හැර පළා ගොස් සිටින අතර ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා මහාධිකරණ විනිසුරුවරයා විවෘත වරෙන්තු ද නිකුත් කරනු ලැබිණ.

    2001 වසරේ අප්‍රේල් මස 12 වනදා කොටහේන ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් දාහත් හැවිරිදි පණ්ඩුක ප්‍රසාද් විස්වන්ත නැමති තරුණයෙකුට ඝාතනයට එරෙහිව නීතිපති විසින් විත්තිකරුවන් දෙදෙනාට කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබිණ.

    දීර්ඝ නඩු විභාගයකින් පසුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු ඇති බව තීන්දු කළේය.

    ඒ අනුව විත්තිකරුවන්ට මරණය දඬුවම නියම විනිසුරු විසින් නියෝග කෙරිණ.

    Latest News