හෙරොයින් ජාවාරම් කළ ගඩාබිට මරණ දඬුවම

ඔක් 11, 2019

    හෙරොයින් මත්කුඩු ග්‍රෑම් හතළිස් තුනක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු මොහොමඩ් මුසාහීර් ගඩාෆි 43 හැවිරිදි අයෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දණ්ඩනය නියම කර තිබේ.

    කොළඹ, මාලිගාකන්ද ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මුසාහීර් ගඩාෆි නැමැත්තා පස් දරු පියෙකි.

    හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 43.44 ක් සමඟ මෙම විත්තිකරු 2016 වසරේ දී මාලිගාකන්ද ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්පසු නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

    දීර්ඝ නඩු විභාග විභාගයකින් පසුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හෙරොයින් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට විත්තිකරු වරදකරු කරන බව කියා සිටියේය.

    Latest News