මව සමඟ එක්වි බිරිඳ ඝාතනය කල පුතුට මරණ දඬුවම

ඔක් 03, 2019

    මව සමග එක්ව බිරිඳට ගිනි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් 35 හැවිරිදි පුතාට සහ 75 හැවිරිදි ඔහුගේ මවට කොළඹ මහාධිකරණය විසින් මරණ දඩුවම් නියම කළේය.

    ඒ, කොළඹ මහාධිකරණය විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින්. මෙලෙස මරණ දඩුවම් නියම කලේ වැල්ලම්පිටිය පදිංචි මොහොමඩ් හුසේන් මොහොමඩ් ෆිර්කාන් හා ඔහුගේ මවටයි.

    2007.12.29 වනදා හෝ ඊට ආසන්න දිනයේ දී වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබු අධිචෝදනා සාදාරණ සැකයකින් තොරව ඔප්පු වූ බව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා මෙම දඬුවම පිරිනැමීය.

    සිද්ධිය සිදුවූ දිනයේ බහින් බස්වීමක් දුරදිග යෑමෙන් අනතුරුව කෝපයට පත් කාත්තාව තමා විසින්ම භූමි තෙල් වක්කර ගිනි තබා ගත් බව විත්තිය විසින් කියා සිටියේය‍. නමුත් පුතාගේ බිරිඳගේ ක්‍රියා කිරීම නිසා කෝපයට පත් මව විසින් මියගිය කාන්තාවගේ හිසට භූමි තෙල් වක්කර බවත් ඇයගේ පුතා ගිනි තැබූ බවත් විභාගයේදී ඔප්පු වි තිබේ.

    Latest News