වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්

දෙසැ 12, 2019

    උතුර, උතුරු මැද, නැගෙනහිර හා ඌව පළාත්වලට වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින කිහිපය තුළ දක්නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ප.ව.1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. සබරගමුව පළාතේ සහ කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. (50-75)පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බවද කාලගණ නිවේදනයේ සදහන් වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.

    Last modified on බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2019 08:24

    Latest News