වසර 4කින් රන්ටැඹේ වාන් දමයි

නොවැ 08, 2018

    රන්ටැඹේ ජලාශය වාන් දැමීම ආරම්භ කර තිබේ. මෙවර වාන් දැමීම සිදුවන්නේ වසර 4කට පසුවයි.

    වික්ටෝරියා, රන්දෙණිගල ජලාශවලින් පැමිණෙන අධික ජල කඳ අවසාන වරට පැමිණෙන්නේ රන්ටැඹේ ජලාශයටයි.

    කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ ඉදිකළ අවසන් ජලාශය මෙය වන අතර, මෙහි අතිරේක ජල මිනිපේ අමුණ මගින් ඉසෙඩ් ඩී ඇලටත්, ලොග්ගල් ඔය ජලාශයටත් මුදා හැර තිබේ. ජලාශය වාන් දැමීමත් සමඟ, එහි දියපැන්නුම භාවිත කිරීමේ දී දැඩි ලෙස විමසිලිමත් වන ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

    මහියංගනයේ සිට හඳගනාව ඔස්සේ රජමාවතට පිවිසෙන රථ වාහන මෙන්ම, රන්වැටඹේ ශිෂ්‍ය භට කඳවුර කරා ගමන් ගන්නා වාහන වඩාත් සැලකිළිමත් වන ලෙසයි, ඉල්ලා සිටින්නේ.

    Latest News