මඩොල්සිම පවුල් 46ක් ආරක්‍ෂිත ස්ථාන වෙත

දෙසැ 02, 2019

    මඩොල්සිම වතුයායට අයත් ගල්උල්ලවත්ත, ඩූමෝ කොටසේ පදිංචි පවුල් 46ක 187 දෙනෙක් අද උදෑසන ඔවුන් පදිංචිව සිටි ලැයිම් කාමරවලින් ඉවත්කිරීමට පියවර ගෙන තිබේ.
    ඒ පවතින වර්ෂාවත් සමඟ ඇතිවූ නායයාමේ හා ගල් පෙරළීමේ අවදානම් තත්ත්වයක් හේතුවෙන්.

    අද (02) උදෑසන වන විට මෙම පිරිස ඉවත්කිරීමට පියවර ගත් බව ලුණුගල ප්‍රාදේශීය ලේකම් නිමල් දිසානායක මහතා සඳහන් කළේය. ගල්උල්ලවත්ත, ඩූමෝ කොටසට අයත් අංක හතර හා පහ යන කොටස්වල පදිංචිව සිටි මෙම පිරිස පදිංචිව සිටි අතර මේ වන විට ගල්උල්ල දමිළ විද්‍යාලයේ පිහිටුවා ඇති තාවකාලික කඳවුරක රදවා සිටියි.

    ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බවත් ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි. රදවා සිටින පිරිස අතර කාන්තාවන් 98 දෙනෙක් හා ගැබිණි කාන්තාවන් දෙදෙනෙක් ද සිටින බවයි ඔහු පවසන්නේ.

    Last modified on සදුදා, 02 දෙසැම්බර් 2019 11:28

    Latest News