ලන්ච් ෂීට් නිෂ්පාදකයින්ට නව නීති

දෙසැ 02, 2019

    ලන්ච් ෂීට් නිෂ්පාදකයින් සඳහා නව නීති හඳුන්වා දීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.

    මෙම නව නීතිය 2020 වර්ෂයේ ජූනී මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව අධිකාරියේ ඉහළ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
    ආහාර එතුම් පැකට්ටුවේ සන්නාමය, උපරිම සිල්ලර මිල, නිෂ්පාදකයාගේ නම හා ලිපිනය, නිෂ්පාදිත දිනය හා ආයු කාලය, භාවිතා කරන ලද ද්‍රව්‍ය, භාවිත ද්‍රව්‍ය පිළිබඳ ප්‍රකාශනය, මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි අංකය, එතුමක ප්‍රමාණය පැකට්ටුවක හෝ බණ්ඩලයකට අඩංගු එතුම් සංඛ්‍යාව භාෂා තුනෙන්ම සැකසූ ලේබලයක් ඇතුළත් කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පැනවූ නිතිවල ඇතුළත් වේ.

    Last modified on සදුදා, 02 දෙසැම්බර් 2019 09:40

    Latest News