විදුලි සැරවැදී සද්ධන්තයා මියයයි

දෙසැ 02, 2019

    තණමල්විල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක තිබී මියගිය වනඅලියෙකුගේ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

    ඊයේ (01) දහවල් මෙම සිරුර පිළිබඳව පොලිසියට ලද තොරතුරක් මත තණමල්විල මූලස්ථාන පොලිසිය සහ මව්ආර වනජීවි කාර්යාලයේ නිලධාරීන් එම ස්ථානයේ විශේෂ පරීක්ෂණයක් සිදුකර තිබේ. මියගිය වනඅලියා වයස අවුරුදු 35 -40ත් අතර වයසක පසුවන බව වනජීවි නිලධාරීන් පවසනයි. විදුලි සැර වැදීමකින් වන අලියා මියයන්නට ඇති බවයි, වනජීවි නිලධාරීන් සැක පළ කරන්නේ.

    වන අලියාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පස්වරුවේ සිදු කෙරිණ. මෙම ප්‍රදේශයේ වනඅලි තර්ජනය උග්‍ර ලෙස පවතින අතර වන අලි ජීවත මෙන්ම මිනිස් ජීවීත රැසක්,දේපල සහ වගාහානි රැසක් සිදුවී ඇති බව ප්‍රදේශවාසීහු පවසති. එමනිසා වනඅලි ගැටලුවට කඩිනමින් විසදුමක් ලබාදෙන ලෙසට ද ජනතාව බලධාරින්ගෙන් ඉල්ලීමක් කරයි.

    Last modified on සදුදා, 02 දෙසැම්බර් 2019 09:02

    Latest News