පාස්කු ප්‍රහාරයේ සාක්ෂි දෙන්න නීතීඥ දොලවත්ත කොමිසමට (වීඩියෝ)

නොවැ 26, 2019

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි ලබාදීම අද නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පැමිණියේය.

    ඒ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ පිහිටි කොමිෂන් සභා කාර්යාලයයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙම කොමිසන් සභාවේ සාක්ෂි විමසීම පසුගියදා (10/31) පස්වරු 2.00ට ආරම්භ විය.

    එම කොමිෂන් සභාවේ ලේකම් එච්.එම්.පී.බී හේරත් මහතා පැවසුවේ මෙම අවස්ථාව ජනතාවට මෙන්ම මාධ්‍යවේදීන්ට ද විවෘත බවයි. කොමිෂන් සභා කාර්යාල පරිශ‍්‍රයට කැමරා, පටිගත කිරිමේ උපකරණ සහ දුරකථන ඇතුලු විද්‍යුත් උපාංග රැගෙන ඒම තහනම් වේ.

    Last modified on අඟහරුවාදා, 26 නොවැම්බර් 2019 20:05

    Latest News