ජාඇල-වත්තල ඇතුළු ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

නොවැ 24, 2019

    ජාඇල සහ වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (24) දිනයේ පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.ඒ ජලනල පද්ධතියේ වැඩිදියුණු කිරිමක් හේතුවෙන්.

    අද පෙරවරු 08.00 සිට හෙට පෙරවරු 08.00 දක්වා කාලයතුළ අදල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සදහන් කළේය. ඒ අනුව කටුනායක - සීදුව, ජා ඇළ යන නගර සභා බල ප්‍රදේශවලට සහ වත්තල - මාබෝල නගර සභා බල ප්‍රදේශයේ කොටසක්වන මාබෝල ප්‍රදේශයට අදාල කාලය තුළ ජලසැපයුම අත්හිටුවනු ඇති.

    එමෙන්ම වැලිසර, කෙරවලපිටිය, දික්ඕවිට, මාටාගොඩ, බෝපිටිය, උස්වැටකෙයියාව, රාගම, වල්පොල, බටුවත්ත, හොරපේ, බන්ධනාගාර පාර, කුරුකුලාව, ජයශ්‍රීගම, පොල්ගහහේන සහ බෝයිස්ටවුන් යන ප්‍රදේශවලට ද අදාල කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

    Last modified on ඉරිදා, 24 නොවැම්බර් 2019 08:46

    Latest News