හැකි විගස මහමැතිවරණයකට යාමට සුදානම් - ජනපති

නොවැ 22, 2019

    ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ කළ අන්ඳමින්, හැකි ප්‍රථම අවස්ථාවේම මැතිවරණයකට යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    අද දිනයේ අමාත්‍යවරු දිවුරුම් දෙමින්ප අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුව ගත් බව ඔහු කියා සිටියේය. 

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දිමෙන් පසු අදහස් දක්වමිනි.

    මෙම අන්තර්කාලීන ආණ්ඩුව ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දු වූ අන්දමින් ක්‍රියාත්මක කිරිමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුනී. ඒ අනුව අමාත්‍යවරුන් 15 දෙනෙකු පත් කරනු ලැබූ බවත් ලබන සඳුදා රාජ්‍ය අමාත්‍යවරු පත්කිරීමට බලොපොරොත්තු වන බවත් සඳහන් කළේය. එසේම එම රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ද ක්‍රියාකාරීව රාජ්‍ය කටයුතු සඳහා එක්කර ගත යුතු බව ඔහු අවධාරනය කළේය.

    පසුගිය රජයට විශාල ජන අප්‍රසාදයක් පැවතුනු බවත් එම සංස්කෘතියෙන් ඉවත් වී ජනතා බලාපොරොත්තු ඉටුකරන නව යුගයක් ඇති කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කර සිටියේය.

    රජයේ සංස්ථා හා මණ්ඩල බොහෝ ප්‍රමාණයක් දැනට පාඩු ලබන තත්වයේ පසුවනවා. එම ආයතන නැවත ලාභ ලබන තත්වයට පත් කළ යුතුයි. ඒ අනුව එම ආයතන සඳහා සභාපතිවරුන් හා අධ්‍යක්ෂක මණ්ඩල පත් කිරීමේදී ප්‍රවීණතාව හා සුදුසුකම් මත එම පත් කිරීම් ලබාදෙන්න. ආයතන සභාපතිවරුන් හා අධ්‍යක්ෂක මණ්ඩල පත් කිරීම දී තේරීම් මණ්ඩලය මගින් සිදු කිරිමට අපේ බලාපොරොත්තුව. පත්විම් කිරිමට පෙර සුදුසුකම් ඇති අය සිටිනවා නම් ජනාධිපති කාර්යාලයේ තේරීම් මණ්ඩලයට ඉදිරිපත් කරන්න යැයි ඉල්ලා සිටියේය.

    අමාත්‍යංශ ඇබෑර්තු පිරවීමේදී අමාත්‍යවරයාගේ පළාතෙන් පිරිස් බඳවා ගැනීමේ චෝදනා යළිත් ඇති නොවන ලෙස නිපුණතාව හා ප්‍රවීණතාව අනුව  බඳවා ගැනීම් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය.

    Last modified on සිකුරාදා, 22 නොවැම්බර් 2019 12:29

    Latest News