මෙරට 35වන පොලිස්පතිවරයා ලෙස චන්දන වික්‍රමරත්න මහතා අද (27) පොලිස් මූලස්ථානයේදී සිය රාජකාරී ආරම්භ කර තිබේ.

නව රජයේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත් කෙරුණු නාමල් රාජපක්ෂ මහතා සිය අමාත්‍යධුරයේ අද (18) රාජකාරී ආරම්භ කළේය.

යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානි ලෙස සිය ධූරයේ රාජකාරි ආරම්භ කළ මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ප්‍රථමයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාව ඊයේ (01) හමුවිය.

මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ සිය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.

ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා අද උදෑසන සිය ධුරයේ අද වැඩ භාර ගත්තේය. ඒ පෙරවරු 8.15ට යෙදුණු සුබ මොහොතින් ආරක්ෂක අමාත්‍යාංශයේ දී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෙත් පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ සිය නිල කාර්යාලයේ දී රාජකාරී ආරම්භ කළේය. අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ත්‍රිවිධ හමුදා ගෞරව ප්‍රණාමයක් පිරිනැමිණ.

Latest News