සජිත්ගේ ඡන්දෙට මුදල් වැය කළේ තිස්සගේ කාර්යාලයෙන්.. ලේකම් අකිල, නලින්ට පිළිතුරු දෙයි (වීඩියෝ)

නොවැ 20, 2019

    සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුමට ලද මුදල අනිසි භාවිතයක් වී ඇත්නම් ඒ පිළිබඳව සොයා බැලීම වොක්ෂෝල් වීදියේ ක්‍රියාත්මක වු මෙහෙයුම් කාර්යාලයෙන් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    මැතිවරණ ව්‍යාපාරයට අරමුදල් එකතු කිරීමේ වගකීම වොක්ෂෝල් වීදිය මෙහෙයුම් කාර්යාලයට පැවරි තිබු බව ඔහු කියා සිටි. සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කල ප්‍රකාශ පිළිබඳව බලවත් අවධානය යොමු වී ඇතැයිද එක්සත් ජාතික පක්ෂය නිකුත් කල නිවේදනයේ දැක්වේ.

    සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර ජයමහ මහතා ඊයේ කියා සිටියේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට එක්සත් ජාතික පක්ෂයේම පිරිසක් වගකිවයුතු බවයි. සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට ප්‍රමාණවත් අරමුදල් නොතිබු බවත් මැතිවරණ ව්‍යාපාරය ශකිතිමතත් කිරීමට බරපතල කාරණාවක් වු බවත් ඔහු කියා සිටියේය. සජිත් ප්‍රේමදාස මහතාගේ අවුරුදු 26 ක දේශපාලන ඉතිහාසය තුළ සත පහක්වත් හම්බ කර ගත්තේවත් හොරකම් කළේවත් නොමැති බවත් ඔහු පෙන්වා දුනී.

    පක්ෂයට ලැබුණු අරමුදල් මෙහෙයවීම හා ඒ අරමුදල් නිසියාකාරව එකතු කරගත්තද, එම අරමුදල් මැතිවරණ ව්‍යාපාරයට යෙදෙවුවද කියන ප්‍රශ්ණයත් ඇතැයි නලින් බණ්ඩාර මෙහිදි කියා සිටියේයේ. ආණ්ඩුවේ නායකයින් පසුගිය අවුරුදු පහක කාළය ක්‍රියා කළ අන්දමින් එක්සත් ජාතික පක්ෂය බෞද්ධ විරෝධී පිරිසක් ලෙස නිර්මාණය කිරිමේ ක්‍රියාන්විතයේ ප්‍රථිඵලයෙන් සිංහළ බෞද්ධ ඡන්දත් විශාල ප්‍රමාණයක් අහිමි වු බවත් ඔහු පෙන්වා දුනී.

    එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිකුත් කළ විශේෂ නිවේදනය.

    සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පළ කළ අදහස් සම්බන්ධව අපගේ බලවත් අවධානය යොමු වී ඇත. සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යයන් එහි මෙහෙයුම් ප්‍රධානීන් විසින් බාර දී තිබුණේ වොක්ෂෝල් වීදියේ මෙහෙයුම් කාර්යාලයටය. එහි මෙහෙයුම් ප්‍රධානී ලෙස හඳුන්වා දී තිබුණේ තිස්ස අත්තනායක මහතාය.

    එකී මෙහෙයුම් කාර්යාලය විසින් සිරිකොත මූලස්ථානය වෙත පවරන ලද සියළු කාර්යයන් ඉතා සාර්ථක අන්දමින් ඉටු කර දී ඇත. ඊට අමතරව එම මෙහෙයුම් කාර්යාලය විසින් පක්ෂයෙන් ඉල්ලා සිටි සියළු සහයෝගය ද, සිරිකොත කාර්යාලය මගින් සිදුකළ අනෙකුත් සියළු කාර්යයන් ද අපි උපරිම ලෙසින් ලබා දුන්නෙමු.

    මැතිවරණ ව්‍යාපාරය සඳහා අරමුදල් එකතු කිරීමේ වගකීම බාර ගෙන තිබුණේ ද වොක්ෂෝල් වීදිය මෙහෙයුම් කාර්යාලය විසිනි. ඒ නිසා අරමුදල්වල අනිසි භාවිතයක් වී නම් ඒ පිළිබඳ විමසා බැලිය යුත්තේ එම කාර්යාලය වෙතිනි.

    මැතිවරණ ව්‍යපාරය පිළිබඳ සමාලෝචන රැස්වීම් වාර ගණනාවක් නායකත්ව මට්ටමේ සිට පහළ මට්ටමේ නිලධාරීන් අතර නිතිපතා පැවැත්වුණු අතර, ඒ කිසිදු රැස්වීමක දී මෙවැනි චෝදනාවන් කිසිවෙකු විසින් එල්ල නොකළ බව ද මෙහිලා අවධාරණය කරමි.

    Last modified on බදාදා, 20 නොවැම්බර් 2019 20:21

    Latest News