ශ්‍රී ලංකා රජය සමග සමීපව කටයුතු කිරීමට සූදානම්...UN කියයි

නොවැ 20, 2019

    ශ්‍රී ලංකාවේ නව රජය සමග සමීපව කටයුතු කිරීමට සූදානම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරමින් එම සංවිධානය මේ බව කියා සිටියේය. මේ අතර තවත් රටවල් කිහිපයක් ද නව ජනාධිපතිතුමාට සුබ පැතුම් එක්කර තිබේ.

    ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරණයක් පැවැත්වීම පිළිබඳව ප්‍රසාදය පළ කළේය. තිරසර සංවර්ධනය, සාමය, සංහිදියාව හා මානව හිමිකම් සම්බන්ධව ශ්‍රී ලංකා රජය හා ජනතාව සමග සමීපව කටයුතු කිරීමට සූදානම් බවයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටින්නේ.

    භූතානය ද නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සුබපැතුම් එක් කරයි. එරට විදේශ කටයුතු අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපතිතුමාට සිය උණුසුම් සුභාශිංසන පළ කරන බවයි.

    Last modified on බදාදා, 20 නොවැම්බර් 2019 11:42

    Latest News