ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වේ

නොවැ 19, 2019

    ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    අදාළ ලිපිය ජනාධිපතිතුමා වෙත යොමු කළ බව ඔහු සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ. එම ලිපිය මගින් අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් ද සිදුකර තිබේ. එනම් ,1990 සුවසැරිය පදනම ජනපති යටතට පවරා ගෙන එමගින් මෙතෙක් කාලයක් තිස්සේ සිදුකළ සේවය දිගටම සිදුකරන්නැයි ඉල්ලා ඇත.

    Latest News