දේශීය ණය ගැන සාකච්ඡාවට මුදල් කාරක සභාව අද රැස්වේ

ජූනි 29, 2023

    පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව අද පස්වරු 2.00 ට රැස්වීමට නියමිතයි.

    ඒ, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

    මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන්, මුදල් කාරක සභාවේ පළමු රැස්වීමට කැඳවා තිබෙනවා. අනතුරුව, එම කාරක සභාව, රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල ප්‍රධානීන් සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් සමග දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.

    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවීමෙන් පසු එය පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂිතයි.
    ඒ සඳහා ලබන සෙනසුරාදා පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

    මේ අතර, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන පිළිබඳ විපක්ෂය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ පැවැත්වුණා. ඒ, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින් ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News