රාජ්‍ය බැංකු ගැන හර්ෂගෙන් හෙලිදරව්වක්

ඔක් 25, 2018

    රාජ්‍ය බැංකු අස්ථාවර වී නොමැති බවත් ලංකා බැංකුව, මහජන බැංකුව, ආයෝජන මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීම අරඹා තිබෙන බවත් රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

    රාජ්‍ය බැංකුවට අලුතින් නිලධාරීන් බඳවාගනු ලැබුවේද? සෘජු විදේශ ආයෝජන ගැනීමේ ආයෝජන මණ්ඩලය ජනාධිපති නියමය පරිදි නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරනු ලැබුවේ ද? යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා “කිසි ලෙසකින් රජ්‍ය බැංකු දෙක අස්ථාවර වී නෑ. කිසිම සෘජු විදේශ ආයෝජනයක් එළියට ගලාගෙන ගොස් නෑ. ලංකා බැංකුව, මහජන බැංකුව, ආයෝජන මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීම අරඹා කළා. නව අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම පිළිබඳව අවධානය යොමු වී තිබෙනවා. මහජන බැංකුවට සභාපතිවරයෙක් පත් කරමින් තිබෙනවා. ලංකා බැංකුව, මහජන බැංකුව කිසිම අස්ථාවර තත්ත්වයක නෑ. ලංකාවේ වැඩිම විදෙස් ආයෝජන ලැබුණේ වසර 2017 දී. බිලියන 2.5ක් සෘජු විදෙස් ආයෝජන ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා. '' තනි කවුලව'' ආයෝජන පහසුකම් ලබාදීම සඳහා කාර්යසාධක බලකායක් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා ආයතන 24 බද්ධ වූ ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කෙරෙනවා. සංචාරක, තොරතුරු තාක්ෂණය, සෞඛ්‍ය ආදී සේවා සඳහා ආයෝජන ප්‍රවර්ධනය කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මහජන බැංකුවේ සහ ලංකා බැංකුව ප්‍රතිසංවිධානය කෙරෙනවා යැයි“ ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ඔක්තෝබර් 2018 16:11

    Latest News