ජනතා නියෝජිතයන් ජනමතයට හිස නමන්න ඕනේ; බැසිල් රාජපක්‍ෂ (වීඩියෝ)

නොවැ 19, 2019

    මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගෙන සුවිසල් නිවසක් ඉදිකර ඇතැයි, චෝදනා කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන අයට එරෙහිව ගම්පහ මහාධිකරණයේ ගොනුකර ඇති නඩුව අද විභාගයට ගැණින.

    ඒ මහාධිකරණ විනිසුරු නිමල් ජයසිංහ මහතා හමුවේ.මේ නඩුව ගොනු කරනු ලැබ ඇත්තේ, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසිනි. අද සාක්‍ෂි ලබාදීමට නියමිතව සිටි මුදිත ජයකොඩි යන අය අසනීපව රෝහල් ගතවී ඇති බව, ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබේ. ඒ අනුව, නඩුව විභාග කිරීම ලබන මාර්තු මස 20 වැනි දිනට යළි කල් තැබීය.

    ආණ්ඩුවක් පිහිටුවනවාදැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා...

    “නව ජනාධිපතිවරයෙක් ඉන්නවා. නව ආණ්ඩුවක් පිහිටුවනවා කියලා එතුමා ඊයේ ප්‍රකාශ කළා. ජනතා මතයට හිස නමන්න ඕනේ කවුරු වුණත්, ජනතා නියෝජිතයෝ නම්“ යැයි බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 19 නොවැම්බර් 2019 20:01

    Latest News