ජනපති සිය රාජකාරී අරඹයි (ඡායාරූප) (වීඩියෝ)

නොවැ 19, 2019
  • ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෙත් පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ සිය නිල කාර්යාලයේ දී රාජකාරී ආරම්භ කළේය. අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ත්‍රිවිධ හමුදා ගෞරව ප්‍රණාමයක් පිරිනැමිණ.

    ඉන් අනතුරුව, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන් හිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නය විසින් පංචශීලයේ පිහිටුවමින් සිදුකළහ. මේ අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් ද එක්ව සිටියහ. මහා සංඝ රත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසු සිය නිල කාර්යාල වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයේ රාජකාරී ආරම්භ කළේය.

    ඉන් අනතුරුව, ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා පත් කරගනිමින් පත්වීමේ ලිපිය ඔහුට භාරදුන්නේය.

     1.jpg

    2.jpg

    3.jpg

     

    4.jpg

    5.jpg

    6.jpg

    7.jpg

    8.jpg

    12.jpg

    13.jpg

    Last modified on අඟහරුවාදා, 19 නොවැම්බර් 2019 20:00

    Latest News