ප්‍රකාශිත ඡන්ද 80%ට වැඩියි: විශේෂත්වය බරපතල සිද්ධි කිසිවක් නෑ....මැ.කො

නොවැ 16, 2019

    2019 ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 80%ත් 82%ත් අතර පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    ප්‍රකාශිත තැපැල් ඡන්ද ප්‍රමාණය ගණනය කිරීමෙන් පසු නිවැරදි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ප්‍රකාශය කළ හැකි බවයි, ඔහු ප්‍රකාශ කරන්නේ. මෙවර වැඩිම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්. ඒ 85%ක්. අවම ප්‍රතිශතය වාර්තා වන්නේ මන්නාරම දිස්ත්‍රික්කයෙන්. ඒ 62%ක්. මෙවර මැතිවරණ බරපතල සිද්ධි කිසිවක් වාර්තා නොවූ මැතිවරණයක් වීම විශේෂත්වයක් බවයි, මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ. සුළු සිද්ධින් කිහිපයක් දැරිණියගල,තන්තිරිමලේ යන ප්‍රදේශවලින් වාර්තා වූ අතර කල්මුනේ හා සමන්තුරේ ප්‍රදේශවල ඡන්ද මධ්‍යස්ථානවල සිටින නිලධාරීන්ට ඉවත්වන ලෙස දැනුම් දුන්නැයි, සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රචාරයක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

    මැතිවරණ සාර්ථකව පවත්වාගෙන යාමට හැකිවීම පිළිබඳව සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනාධිපතිතුමාට, අගමැතිතුමාට,විපක්ෂ නායකතුමාට,කතානායකවරයා ඇතුළු පක්ෂ නායකයින්ට මෙන්ම පොලිස්පති,ත්‍රිවිධ හමුදාව,සිවිල් සංවිධාන හා මාධ්‍යවේදීන්ට සිය ස්තූතිය පුද කළේය.

    Last modified on ඉරිදා, 17 නොවැම්බර් 2019 11:22

    Latest News