මැතිවරණයේ සමස්ත ක්‍රියාවලියම සාමකාමීයි; පැෆ්රල් සංවිධානය

නොවැ 16, 2019

    මැතිවරණයේ සමස්ත ක්‍රියාවලිය සාමකාමී බව, පැෆ්රල් සංවිධානය පවසයි.

    “මෙවර මැතිවරණයේ සමස්ත ක්‍රියාවලිය තුළ ඡන්දය සාමකාමීව පැවති බවයි, පැෆ්රල් සංවිධානය පවසයි. මැතිවරණ කාල අපි සංසන්දය කළොත් 2010, 2015 සහ 2019 කියන මැතිවරණ තුනම ප්‍රචණ්ඩ ක්‍රියාවල අඩුවක් දක්නට ලැබෙනවා. රාජ්‍ය දේපොළ අවභාවිතය අඩුවක් නිරික්‍ෂණය වෙනවා. සමස්තයක් හැටියට සාමකාමී මැතිවරණයක් පැවති බව කියන්න පුලුවන්කම තියෙනවා යැයි“ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

    මේ අතර කැෆේ සංවිධානය ද අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

    “මෙම මැතිවරණය 2010 සහ 2015 මැතිවරණ එක්ක සාපේක්‍ෂව බැලුවහම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා, රාජ්‍ය දේපොළ අයථා පරිහරණය, ඒ වගේම ඡන්ද දායකයින්ට අල්ලස්දීම වැනි පැමිණිළි අවම වශයෙන් තමයි වාර්තා වෙලා තියෙන්නේ. මෙය ඉතාමත්ම නීතිගරුක මැතිවරණයක් යැයි“ එහි විධායක අධ්‍යක්‍ෂ අහමඩ් මනාස් මකීර් මහතා පැවසීය.

    Latest News