BIA - නව ගුවන් යානා අංගනයක්

නොවැ 30, 2018

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පහසුකම් වැඩි දියුණු කිරීම යටතේ එහි නව ගුවන් යානා අංගනයක ඉදිකිරීම් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

    වැය කෙරෙන මුදල රුපියල් කෝටි 600කට අධිකයි. මගී පර්යන්තවල පහසුකම් ද පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා. ජපාන අන්තර් ජාතික සහයෝගිතා ඒජන්සියේ සහන ණය ආධාර යටතේ, සංවර්ධන කටයුතු ක්‍රියාත්මකයි. කටුනායක දැනට පවතින ගුවන් යානා අංගනයේ යානා 24ක් නවතා තැබිය හැකි අතර, නව අංගනය ඉදිකිරීමත් සමඟ තවත් ගුවන් යානා 25ක් පමණ නවතා තැබිය හැකි බව, ගුවන් තොටුපොළ බලධාරීන් පවසනවා.

    ඒ අනුව, ගුවන් තොටුපොලෙන් ගුවන් ගත වන සහ ගොඩ බස්සවනු ලබන ගුවන් යානා ආශ්‍රිතව දැනට පවතින තදබදයට විසඳුමක් ලැබෙනු ඇති. මේ ව්‍යාපෘතිය, ලබන වසරේ ඔක්තෝබර් මස වනවිට නිම කිරීමට අපේක්‍ෂිතයි. මීට අමතරව, පැමිණිමේ පර්යන්තයේ අංග සම්පුර්ණ නව ශාලාවක් ස්ථාපනය කෙරෙනවා. පිටවීමේ පර්යන්තය සහ මහජන නැවතුම් ශාලාව පුළුල් කිරීම ද ව්‍යාපෘතියට ඇතුළත්.

    මගී ගමන් මලු සහ භාණ්ඩ පහසුවෙන් හා කඩිනමින් ලබා ගැනීමට හැකි පහසුකම් සැලසීම මෙන්ම, මහජන රථ ගාල තුළ නව ආපන ශාලාවක් ඉදිකිරීමට ද පියවර ගෙන තිබෙනවා. ඊට වැය කෙරෙන මුදල රුපියල් කෝටි 127කට අධිකයි. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීමේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වුණා.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News