කෝටි 10ක් රන් බිස්කට් ගුවන් තොටින් පැන්නීමට ගිය සේවකයාට දැවැන්ත දඩයක්: තීරුබදු රහිත සාප්පුවට සීල්

දෙසැ 13, 2019

    ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු මගින් රුපියල් කෝටි 10ක් වටිනා රන් බිස්කට් තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් පිටතට ගෙන යාමට උත්සහ කිරීම සමබන්ධයෙන් ගුවන්තොටුපළේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණක සේවකයෙකුට දඩ නියම කර ඇත.

    ශ්‍රී ලංකා රේගු ආඥා පනත යටතේ සිදුකළ මුලික විමර්ශනයෙන් පසු ක්‍රියාත්මක කළ පරික්ෂණය අවසානයයේ මෙම තිරණයට එලඹ තිබේ. එ අනුව ගුවන්තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණ සේවකයාට රුපියල් ලක්ෂ 98ක දඩ මුදල්ක් පැනවු බව ශ්‍රී ලංකා රේගු අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය. මෙම පරික්ෂණය ඊයේ (12) රාත්‍රි එක් දක්වා පැවැත්විණ.

    අදාළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ද සීල් තැබීමට පියවර ගත් බවත් ඔහු පැවසිය. යම් හෙයකින් මෙම දඩ මුදල් ගෙවීමට නොහැකි වන්නේ නම් අධිකරණ ක්‍රියා මාර්ග තුළින් දඬුවම් පිරිනැමේ.

    මෙම තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ වෙළෙඳ සේවකයා 36 හැවිරිදි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකාර වෙළඳ සේවකයා විසින් මෙම රන් බිස්කට් තොගය විදුලි පංකා ඇසුරුම් පෙට්ටියක සඟවා, තම සාප්පුව වෙත විදුලි උපකරණ මිලදී ගැනීමට පැමිණි ගුවන් මගියාට භාර දී ඇත. මෙම ගුවන් මගියා ඔස්ට්‍රේලියාවේ සිට පැමිණි ද්විත්ව පුරවැසිභාවය සහිත කුරුණෑගල පදිංචි ශ්‍රි ලංකිකයෙකි.

    පරික්ෂණයෙන් තහුරු වු කරුණු අනුව රුපියල් කෝටි 10 ක් වටිනා රන් බිස්කට් 99 ද රාජ සන්තක කිරීමට එය මෙහෙය වු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පීටර් ගුණවර්ධන මහතා නියෝග කර තිබේ.

    මෙම රන් බිස්කට් තොගය පසුගිය 11 වැනිදා(12/11) දහවල් 11.30 ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගියාට භාරදි තිබේ. ඔහු ඒවා ගුවන් තොටුපළෙන් පිටතට රැගෙන යමින් සිටියදී, ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්ත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.

    ගුවන් මගින් රැගෙන එන භාණ්ඩ පමණක් ගුවන් තොටුපළින් පිටතට ගෙන යන ලෙස ශ්‍රී ලංකා රේගු අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් ජයරත්න මහතා ඉල්ලා සිටි. එ අනුව ගුවන් තොටුපළ තුළ තැරැව්කරුවන් සහ වෙනත් පිටස්තර පුද්ගලයින් ලබා දෙන භාණ්ඩ හෝ ගමන් මලු ගුවන් තොටුපළෙන් පිටතට රැගෙන යෑමෙන් වලකින ලෙස සුනිල් ජයරත්න මහතා ගුවන් මගීන්ගෙන් ඉල්ලා සිටි.

    Latest News