පන්නන්න හැදූ දුම්වැටි රේගු දැලේ

මාර් 05, 2019

    නීති විරෝධී ලෙස දිවයිනට රැගෙන ආ රුපියල් තිස් නව ලක්ෂයකට ආසන්න දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙන් තිදෙනෙකු අද අලුයම කටුනායක දී අත්අඩංගුවට ගනු ලැබීය.

    ඔවුන් සාජාහි සිට පැමිණ ඇත්තේ අලුයම 3.30ට පමණ. සැකකරුවන් ගුවන් භාණ්ඩ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ග්‍රීන් චැනලය ඔස්සේ පිටව යාමට උත්සව දරා තිබේ. පසුව කළ පරීක්ෂාවේ දී ඔවුන් සන්තකයේ තිබී දුම්වැටි තොගය සොයා ගැනීමට හැකිවූ බව රේගු නිලධාරීන් පවසයි.

    දුම්වැටි 70 දහසකට අධික ප්‍රමාණයක් අඩංගු කාටුන් 354ක් හමුව තිබේ. සැකකරුවන් අවුරුදු 58, 40 හා 18 වැනි වයස්වල පසුවන මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්.

    Last modified on අඟහරුවාදා, 05 මාර්තු 2019 12:29

    Latest News