ආරක්ෂාවට පොලීසියේ 60,000ක් සීරුවෙන්

නොවැ 16, 2019

    ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා 60, 000කට අධික පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරනවා.

    මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව 119 අංකයට දැනුම් දිය හැකියි. 16 වැනි දින අලුයම 2.00 ට පමණ පොලීසිය විසින් ඡන්ද මධ්‍යස්ථාන අවට මුර සංචාර ආරම්භ කරන බව ද පැවසේ. එහිදී මැතිවරණ නීති උල්ලංගණය කරමින් විවිධ ක්‍රියාකාරකම් වල නිරත පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව ද ඔහු සඳහන් කර සිටී. එසේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ද අහිමිවෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

     

     

    Last modified on සෙනසුරාදා, 16 නොවැම්බර් 2019 10:51

    Latest News