සජිත් සහ ගෝඨාභය උදෙන්ම ඡන්දය දමයි

නොවැ 16, 2019

    මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන ජනාධිපතිධුර අපේක්ෂකයින් දෙදෙනෙකු මේ වන විට ඡන්දය ප්‍රකාශ කර තිබේ.

    ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නුගේගොඩ ශ්‍රී විවේකාරාම විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථානයේදී හා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජානාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තිස්සමහාරාම වීරවිල සුරනිමල ප්‍රාථමික විදුහලේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කළේය.

    මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ මාධ්‍ය උපමානයන්ට අනුව අපේක්ෂකයින් ඡන්දය ප්‍රකාශ කිරීමේ දර්ශන හා ඡායාරූප පස්වරු 5ට පෙර පළ කිරීමට හැකියාවක් නොමැත. එම දර්ශන සහ ඡායාරූප පස්වරු 5න් පසුව පල කිරිමට බලාපොරොත්තුවේ.

     

    Latest News