කලහකාරී ලෙස හැසිරුණු 05ක් රඹුක්කන දී අත්අඩංගුවට

නොවැ 15, 2019

    ඊයේ (14) රාත්‍රී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් 05 දෙනෙකු ආයුධ කිහිපයක් සමඟ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

    රඹුක්කන පත්තම්පිටිය ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. සැකකරුවන් සතුව තිබී බෝර 12 ගිනි අවියක්, කඩුවක් සහ වක් පිහියක්ද පොලීසිය භාරයට ගෙන ඇත.

    ඔවුන් කඩිගමුව, යටිවැල්දෙණිය සහ වහව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර අද මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News