ප්‍රවීණ මළල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර අභාවප්‍රාප්ත වෙයි

නොවැ 14, 2019

    ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු වූ යෝගානන්ද විජේසුන්දර මහතා අභවාප්‍රාප්ත වෙයි. 60 දශකයේ ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ බිහි වූ දක්ෂ වොලිබෝල් සහ මලල ක්‍රීඩකයෙකු වූ යෝගානන්ද විජේසුන්දර මහතා, පසුව පූර්ණ කාලීනව මලල ක්‍රීඩාවට එක්විය.

    මීටර 110 කඩුලු මතින් පැන දිවීමේ ඉසව්වේ ජාතික ශූරයා වූ ඒ මහතා, ජාතික හා ජාත්‍යන්තර තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් රටට දායාද කළේය. කලක් රෝගාතුරව සිටි යෝගානන්ද විජේසුන්දර මහතා, මිය යන විට 75 වැනි වියේ පසුවිය.

    මීට වසර 37 කට පෙර එනම් 1979දී ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ආරම්භ කළ ක්‍රීඩා පාසල වර්තමානයේ වසරකට ක්‍රීඩා ඩිප්ලෝමාධාරීන් රැසක් බිහි කරන ජාතික ක්‍රීඩා විද්‍යායතනයක් බවට පත් කරලීම සඳහා උරදුන් ප්‍ර‍මුඛයා වූයේද යෝගානන්ද විජේසුන්දර මහතායි. ඔහු ක්‍රීඩා විද්‍යාතනයේ ආරම්භක අධ්‍යක්ෂවරයාද වේ. 1990 ප්‍රථමවරට පැවැති කාන්තා මැරතන් තරගයේ ජයග්‍රාහිකාව සහ ප්‍රථම ශ්‍රී ලංකා වාර්තා ලාභිනිය වූ තමරා පද්මිනී, යෝගාන්නද විජේසුන්දර මහතා යටතේ පුහුණුව ලැබූ කීර්තිමත් ක්‍රීඩිකාවකි.
    1984 පැවති ප්‍රථම දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේ කත්මන්ඩු නුවර පැවැති අතර එය  නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මලල ක්‍රීඩා පුහුණුකරු ලෙසද හෙතෙම කටයුතු කළේය.
     
    එමෙන්ම තිලකා ජිනදාස (මීටර් 100 කඩුලු) දිලීමා පීටර්සන් (දුර පැනීම) ධම්මිකා මැණිකේ (මීටර් 800) ජයමිනි ඉලේපෙරුම (මීටර් 100, 200, 400 හා 800) රවින්ද්‍ර කුමාර ප්‍රනාන්දු (මීටර් 400) කේ.ඒ. කරුණාරත්න (මීටර් 1000 සහ මැරතන්) මංජුල රාජකරුණා (මීටර් 110 කඩුලු) පද්ම කුමාර අමරසේකර (මීටර් 400) යනාදි ක්‍රීඩික ක්‍රීඩිකාවන්ද ඔහු යටතේ පුහුණුව ලැබුවෝය.  වසර 50ක්‍ ක්‍රීඩාවේ දියුණුවට ඔහු කළ අපමණ මෙහෙය සුවිශාලයි.
    Last modified on බ්‍රහස්පතින්දා, 14 නොවැම්බර් 2019 18:57

    Latest News