ඇවන්ගාර්ඩ් අල්ලස් චෝදනාව: පාලිත හා නිශ්ශංක තවදුරටත් රිමාන්ඩ් භාරයට

නොවැ 14, 2019

    රුපියල් ලක්ෂ 355 ක් අල්ලසක් දීම හා ලබා ගැනීමේ චෝදනා ලබා සිටින රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති යූධ හමුදා විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට එරෙහිව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි 14 වනදා සිදුකිරිමට කොළඹ මහාධිකරණය නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබිණ.

    එම අවස්ථාවෙහි බන්ධනාගාර ගත කර සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළේය..

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා පෙබරවාරි 14 වන දා යළි විභාගය ආරම්භ කිරීමට නියම කළ අතර සාක්ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි ද නිකුත් කෙරිණ. විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව ගොනු කිරීම සඳහා අල්ලස් කොමිසම විසින් ලබාදුන් ලිඛිත අනුමැතියෙහි පිටපතක් තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

    ඒ අනුව විත්තිය විසින් ඉල්ලා සිටින අදාළ ලේඛනය ලබාදීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම සඳහා නඩුව දෙසැම්බර් 18 වනදා යළි කැඳවන ලෙස ද නියම කළේය.

    එමෙන්ම රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා පිළිබඳව අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසද විනිසුරුවරයා විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියම කලා.

    ඉකුත් රජය සමයේ ඇවන්ගාඩ් සමාගමට ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු ඉටුකර දීම වෙනුවෙන් රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුද හමුදාවේ ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා දුන් බවට ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතාට එරෙහිව මෙම නඩුවෙන් එක් චෝදනාවක් එල්ල කර තිබේ.

    එම ලක්ෂ 355 ක මුදල අල්ලස් වශයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් විත්තිකාර පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහිව තවත් චෝදනාවක් එල්ල කර ඇත.

     

     

     

     

     

    Latest News