පූජ්‍ය අතරගල්ලේ ආනන්ද නාහිමියෝ අපවත් වෙති

මාර් 02, 2019

    උඩරට අමරපුර මහනිකායේ දුම්බර උප ප්‍රධාන සංඝ නායක පූජ්‍ය අතරගල්ලේ ආනන්ද නාහිමියෝ අපවත් විය.

    ඒ වන විට උන්වහන්සේගේ වසය අවුරුදු 64ක්. මැණික්හින්න, දෙල්ගස්ලන්ද, චිරත්තවිවේකාරාමාධිපතිව වැඩ විසූ ආනන්ද නාහිමියෝ ශාසනික, සාමාජිය සේවාවන් රැසක් සිදු කළේය. වයස අවුරුදු 9 දී පැවිදි බිමට පිවිසි උන්වහන්සේ විචිත්‍ර ධර්ම දේශකයානන් වහන්සේ නමක්. උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජ්‍යොත්සවය හෙට සවස 2.00ට දෙල්ගස්ලන්ද ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 02 මාර්තු 2019 10:43

    Latest News