පොහොට්ටුවේ මන්ත්‍රි ගෙදර යන ගමන් UNP මන්ත්‍රිවරියකට පහරදේ

නොවැ 10, 2019

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ බදුල්ල රැළියට සහභාගී වු පිරිසක් රිදිමාලියද්ද ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරියකට පහරදීමක් හේතුවෙන් ඇය මහියංගන මුලික රෝහලට ඊයේ (09) රාත්‍රී ඇතුලත් කර තිබේ.

    ශ්‍රීලංකා පොදුජන පෙරමුනේ බදුල්ල රැළියට සහභාගී වු මෙම පිරිස ආපසු නිවේස් බලා ගමන් කරමින් සිටියදි ඇගේ වෙළෙදසැලට රතිඤ්ඤා දමා කලබල කර ඇති බවත් වාර්තාවේ.

    මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ රිදිමාලියද්ද, ඌව තිස්සපුර, යාය 10, යන ලිපිනයේ පදිංචි රිදිමාලියද්ද ප්‍රාදේශිය සභා මන්ත්‍රිනී ඩි. එම්. රසිකා දිල්රුක්ෂි දිසානායක මහත්මිය යි. ඇය පස් දරු මවකි. දරුවා වඩාගෙන සිටියදී බීමත් පිරිස් තමන්ට අමානුෂික අන්දමින් පහරදුන් බව ඇය පවසන්නීය

    රිදිමාලියද්ද ප්‍රා දේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරයෙක් ඇතුලු කණ්ඩායමක් විසින් මෙම පහරදීම සිදු කරනු ලැබූ බවට පහර කෑමට ලක්ව රෝහල් ගත කර සිටින මන්ත්‍රීවරිය කියා සිටි.

    පහරදීම සිදු කළ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා ඇතුලු පිරිස් අද (10) දහවල් 1.00 වන තුරු මහියංගන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නොමැති බව අප වාර්තකාරු පවසයි. මහියංගන සහකාර පොලිස් අධිකාරී ලක්දාස අබේගුණසේකර මහතාගේ උපදෙස් මත මහියංගන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒස්. ජේ. ඒ. ආර්. එල්. සේනාධිර මහතා යටතේ පොලිස් නිළධාරින් පිරිසක් විසින් සිද්ධිය සම්බන්දයෙන් පරික්ෂණ ආරම්භ කර තිබේ.

    ridimaliyadda1 900px 19 11

     

    Latest News