තරුණයින්ට වෙඩි තැබු SB දිසානායකගේ ආරක්ෂකයින් රිමාන්ඩ් භාරයට

නොවැ 07, 2019

    තරුණයන් දෙදෙනෙකුට වෙඩි තැබුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් දෙදෙනා 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

    ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේදි ඊයේ රාත්‍රී තරුණයන් දෙදෙනෙකුට වෙඩි තැබිමේ සිද්දියට අද (07) අලුයම අත්අඩංගුවට ගත් ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරින් දෙදෙනා 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

    ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා ගමන් ගන්නා අවස්ථාවේදි ඔහුගේ ආරක්ෂක නිළධාරින් ගමන් කළ රථයක් තවත් රථයක ගැටි තිබේ. එහිදි වු උණුසුම් තත්වය මත පොලිස් නිළධාරින් විසින් වෙඩි තැබීම සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීයිය. වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු කරවනැල්ල රෝහලටද, සුළු තුවාල ලැබූ අනෙක් පුද්ගලයා ගිනිගත්හේන රෝහලට ද ඇතුළත් කෙරිණ. වෙඩි තැබීමට භාවිතා කළ පිස්තෝල දෙකක් සහ පොලිස් නිළධාරින් අද අලුයම පොලිස් අත්අඩංගුවට ගනු ලැබිණ.

    සැකකරුවන් අද පස්වරුවේ හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජෙ. ස්ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කෙරිණ. මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරිමෙන් පසු  රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල් ජානක ප්‍රේමසිරි (49559), පොලිස් කොස්තාපල් දුමින්ද ලක්මාල් (50391) යන නිලධාරින්වේ.

    අදාල සැකකරුවන් දෙදෙනා 11 දින හදුනාගැනිමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා නියෝග කලේය.  ගිනිගත්හේන පොලිසිය මගින් සැකකරුවන් දෙදෙනා සම්පුර්ණයෙන්ම මුහුණු ආවරණය කර හැටන් මහේ ස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයාගේ නිල කාමරය වෙත ඉදිරිපත් කරනු ලැබුහ.

     

     

    Latest News