හිටපු පා.ම. රංගා එරෙහිව වවුනියාව මහාධිකරණයේ නඩු පැවරේ

නොවැ 07, 2019

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ ශ්‍රී රංගා මහතා ඇතුලු හය දෙනෙකුට එරෙහිව අද (7 ) වව්නියාව මහාධිකරණයේ නඩු පවරනු ලැබීය.

    2011 වසරේ මාර්තු මස 30 වනදා වව්නියාව, සෙට්ටිකුලම් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා ඇතුළු 6 දෙනාට මේ අනුව නඩු පවරනු ලැබීය.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා විසින් ගමන් කරමින් සිටි ලියාපදිංචි නොකරන ලද වාහනය 2011 වර්ෂයේ මාර්තු මස 30 වෙනිදා සෙට්ටිකුලම් රෝහල ආසන්නයේදි මාර්ගය ආසන්නයේ පිහිටි ගසක හැපීමෙන් අනතුරක් සිදුව මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයා වශයෙන් කටයුතු කරන ලද පොලිස් සැරයන්වරයා මියයාම සම්බන්ධයෙන් වන නඩුවක් වෙනුවෙන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට එරෙහිව මෙම නඩුව අද නිතිපතිවරයා විසින් වවුනියාව මහාධිකරණයේ මෙලෙස නඩු පවරනු ලැබිය.

    Latest News