බිරිඳ සහ දරු දෙදෙනා පුළුස්සා මැරු මනුරංගට මරණ දඬුවම

නොවැ 07, 2019

    2012 වසරේ රත්මලාන ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ තිස් පස් හැවිරිදි බිරිඳ තුන්හැවිරිදි පුතු සහ මාසයක් වයසැති දරුවකු පුළුස්සා මරා දැමීමට වරදකරු කෙරුණු මනුරංග ද සිල්වාට කොළඹ මහාධිකරණ විසින් මරණ දඬුවම නියම කරයි.

    දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විත්තිකරු විසින් අපරාධය සිදුවීමෙන් පසුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ලබාදුන් අපරාධ උච්චාරණය මගින් ඔහු විසින් මෙම අපරාධය සිදු කර ඇති බවට පිළිගෙන ඇති බව සඳහන් කළේය. රජයේ රස පරීක්ෂක දුන් සාක්ෂියට අනුව මරණ කරුවන් තිදෙනා මෙම විත්තිකරු විසින් පුළුස්සා මරා දමා ඇති බවට සාක්ෂි ප්‍රකාශ කර ඇති බවද විනිසුරුවරයා විසින් පැවසිය.

    ඊට අමතරව රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ සාක්ෂිවලින් මියගිය සචේතනා සඳමාලි සහ ඇයගේ වැඩිමහල් පුතුගේ ගෙල සිර කිරීමෙන් මරණයට පත්කර ඇති බවත් මාසයක් වයසැති දෙවන දරුවා මවගේ කිරි උරා බොමින් සිටිය ඇතිවූ ගින්නෙන් මිය ගොස් ඇති බවට මත පළ කර ඇති බවත් විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කලේය.

    ඉදිරිපත් වූ කරුණු අනුව මෙම ත්‍රිත්ව ඝාතනය විත්තිකරු විසින් සිදුකර ඇති බවට සාධාරණ සැකයකින් තොරව ඔප්පු වන බැවින් විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් මරණ දණ්ඩනය පැනවීය.

    රත්මලාන, ගොලුමඩම ප්‍රදේශයේදී සිය බිරිඳ වන සචේතනා සඳමාලි ප්‍රනාන්දු (35) සහ වයස අවුරුදු තුනක් සහ මාස තුනක් වයසැති දරුවන් දෙදෙනා නිවස තුළදී ගිනි තබා මරා දැමීම සම්බන්ධයෙන් පෞද්ගලික සමාගමක විධායක නිලධාරියෙකු ලෙස සේවය කළ විජයමුණි මධුර මනරංඟ නමැත්තාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

    Latest News