දිවයිනේ සියලු පාසල් ලබන 15 වසා තැබේ

නොවැ 04, 2019

    නොවැම්බර් මස පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් 15වැනි සිකුරාද වසා තැබෙන බව අධ්‍යාපනය අමාත්‍යාංශය දැනුම් දෙයි.

     2019 නොවැම්බර් මස 16 වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස පාසල් ගොඩනැගිලි සහ පාසල් පරිශ්‍ර යොදාගැනීමට මැතිවරණ කොමිසන් සභාව විසින් ඉල්ලීමක් සිදු කර තිබේ. ඒ අනුව, 2019-11-15 දින දිවයිනේ සියලු ම පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

    එමෙන් ම, ඡන්ද මධ්‍යස්ථාන ලෙස ‍යොදාගන්නා සියලු පාසල් යථා පරිදි නැවත භාරදීමේ කොන්දේසියට යටත් ව 2019-11-14 වන දින පාසල් වේලාවෙන් පසු අදාළ ග්‍රාම නිලධාරීන් වෙත ලබාදීමට සහ එම පාසල්වල නොවැම්බර් 16 වැනි දින ඡන්ද විමසීම් කටයුතු සිදුකිරීමටත්, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් ඒ සඳහා යොදාගැනීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මැතිවරණ ‍කොමිසම වෙත අනුමැතිය ලබා දී තිබේ.

    ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් නාම ලේඛනය

    election counting centers

    Last modified on සදුදා, 04 නොවැම්බර් 2019 16:08

    Latest News