වතුකරයේ ඇතැම් දේශපාලඥයින් සියාගේ පක්ෂයේ නායකත්වය ගෙන මත්පැන් දී ජන්දය ගන්න උත්සහය: ඇමති දිගම්බරම් (වීඩියෝ)

නොවැ 04, 2019

    නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතාව මේ රටේ ජනාධිපති කරවිමට නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාපයක් ලබාදෙන බව කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසයි.

    අමාත්‍ය පලනි දිගම්බරම් නායකත්වය දරන ජාතික කම්කරු සංගමයේ තුන්වන ජාතික මහ සම්මේලනය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
    මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්යවය පලනි දිගම්බරම් මහතා කියා සිටියේය.

    වතුකරයේ ඇතැම් දේශපාලඥයින් සියා හදපු පක්ෂයේ නායකත්වය ගෙන මත්පැන්දී මෙවර ජන්දය ලබා ගන්නට උත්සහ කරනවා යැයි ඔහු පැවසුවේය.

    “අපි වතු කම්කරුවන්ට වැඩ කරලා ජන්දය ඉල්ලනවා, වතු කම්කරුවන් මත්පැන් වලට රැවටෙන කාලය ඉවරයි. වතු කම්කරුවන් දැන් ජන්දය දෙන්නේ වැඩ කරලා තියෙනව නම් විතරයි. අපි වතුකරයට වැඩ කරලා තියෙන නිසා වතු කම්කරුවන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමු‍ණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ජන්දය දෙනවා යනුවෙන් පැවසිය.

    Last modified on සදුදා, 04 නොවැම්බර් 2019 18:44

    Latest News