මිලේනියම් ගිවිසුමෙහි පිටපතක් උඩුදුම්බර කාශ්‍යප හිමිට පිළිගැන්වේ: සංශෝධන ලබාදීමට අවස්ථාවක්

නොවැ 06, 2019

    පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ වෙත මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුමෙහි පිටපතක් ඉදිරිපත් කළ බව අග්‍රාමාතය කාර්යාලය පවසයි.

    එම ගිවිසුමේ පිටපත අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ මහතා විසින් උන්වහන්සේට භාරදී තිබේ.

    ගිවිසුමෙහි රටට අයහපත් යෝජනා ඇත්නම් ඒවාට සුදුසු සංශෝධන ඉදිරිපත් කරන ලෙස රත්වත්තේ මහතා විසින් පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා ඇත.

    චරිත රත්වත්තේ මහතා උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ වෙත යොමු කළ ලිපිය

     mccthero px 900 19 11 06

    අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරෙහිව පූජ්‍ය උඩදුම්බර කාශ්‍යප හිමියන් නිදහස් මන්දිරයේදි මාරාන්තික උපවාසයක් ඊයේ ආරම්භ කළහ. ඒම ගිවිසුම අත්සන් නොකරණ බව දන්වා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ලිපි ලැබීමෙන් පසු උන්වහන්සේ උපවාසය අත්හැරියේය.

    තමන් කිසිම විටක රටට අහිතකර ගිවිසුමකට නොඑළඹෙන බවත් මෙම ගිවිසුම සම්බන්ධ ඉදිරි ක්‍රියා මාර්ග ගැනිමේදි ඒ ගැන උඩුදුම්බර කාශ්‍යප හිමියන් ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ජා කොට අවවාද අනුශාසනා ලබා ගන්නා බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස සිය ලිපියේ දක්වා ඇත.

     

     

    Last modified on බදාදා, 06 නොවැම්බර් 2019 18:31

    Latest News