MCC අලුත් දෙයක් නොවේ.... බිල්ලෙක්ද නැද්ද යන්න අධ්‍යනය අවශ්‍ය....ඩිව් ගුණසේකර

දෙසැ 10, 2019

    ඇමරිකාවත් සමඟ අත්සන් තැබීමට නියමිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම රටට අහිතකර එකක් යැයි සිතෙන නමුත් එම ගිවිසුම තමන් දැක නොමැති බැවින් එය අහිතකරදැයි හරියටම කිව නොහැකි බව ආණ්ඩුවේ පාර්ශ්වකාර ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ඩිව් ගුණසේකර මහතා පවසයි.

    ඒ අනුව මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඔහු ඉල්ලා සිටි.

    ඩිව් ගුණසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ඩිව් ගුණසේකර මහතා........

    "MCC කියන එක අලුත් දෙයක් නෙවෙයි. නව නිදහස් රටවල් ගණනාවක මෙය ක්‍රියාත්මක වෙනවා. අප්‍රිකානු රටවල් 10 - 15ක් තියෙනවා. මේක ක්‍රියාත්මක වෙන. මේ හැම රටකම ක්‍රියාත්මක වෙච්චි තැන්වල ප්‍රශ්න මතුවෙලා තියෙනවා. අපි මේක අධ්‍යනය කිරීම අවශ්‍යයි. මේවා බලන්නෙ නැතිව එක පාරටම මේ මැතිවරණයට ඉස්සෙල්ලා මංගල සමරවීර මහත්තයා උත්සාහ ගත්තා මේක අත්සන් කරන්න.

    ඉතිං විරෝධයක් පැවතිච්චි හින්දා රටට අහිතකරයි කියලා හිතෙනවා, නමුත් අපි ඒක දකින්නැතුව හරියටම කියන්න බෑනේ. ඒක නිසා හොඳම දේ තමයි මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සභාගත කරලා ලේඛනයක් විදියට රටේ සාකච්ඡාවට ගන්න එක" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

     

    Latest News