පොහොට්ටුව පරාජය කළ යුතුයි; දිනුවොත් රටට සහ SLFP යට අනතුරු දායකයි: කුමාර වෙල්ගම (වීඩියෝ)

නොවැ 03, 2019
  • ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරක්‍ෂා කිරීමට නම් ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්‍ෂ පරාජය කළ යුතු බව, කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සුරකීමට අක්මීමන ආසනයේ පාක්‍ෂිකයින් පිරිසක් සංවිධානය කර තිබු රැස්වීමකට එක්වෙමිනි. ඒ සඳහා දකුණු පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම ඇමති යු.ජී.ඩී.ආරියතිලක, මහතා ද එක්විය. බණ්ඩාරනායක මහතා බිහිකළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිළිබඳව අවංක හැගීමක් තමාට ඇතැයි ඔහු කියා සිටියේය. පක්‍ෂය මාරු කර හැරදා ගිය කිසිදු අයෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සම්බන්ධයෙන් කිසිදු කැක්කුමක් නැතැයි කුමාර වෙල්ගම මහතා අවධාරණය කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සමුළුවේදී පක්‍ෂ මධ්‍යම කාරක සභාව ද එහි සාමාජිකයෝ ද බලවත් කියා ජනතාවට දැක ගැනීමට හැකිවනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය. 

    පොහොට්ටුවෙන් ජනාධිපතිවරණය ඉදිරිපත්ව සිටින ගෝඨාභය රාජපක්‍ෂ අමෙරිකානු පුරවැසියෙක් බව, ඔහු කියා සිටියේය. එබැවින් අමෙරිකාවේ උපදෙස් පිළිගැනීමට සියලු අවස්ථාවන්හිදී ගෝඨාභය රාජපක්‍ෂ බැඳී සිටින බවත්, මෙය රටට ඉතා අහිතකර තත්වයක් බව කුමාර වෙල්ගම පෙන්වා දුනි. වසරකට ආසන්න කාලයක් පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පිළිබඳව තමා රටට තොරතුරු ප්‍රකාශ කර ඇති බව ද ඔහු පැවසීය. මේ තත්වය උඩ මෙවර ජනාධිපතිවරණයේ දී තමා අනිවාර්යයෙන්ම ඡන්දය පාවිච්චි කරන බවත්, එය පොහොට්ටුවට එරෙහිව ප්‍රකාශ කරන බව ද කුමාර වෙල්ගම මෙහිදී අවධාරණය කළේය. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් මේ තත්වය ජනාධිපතිවරණයේ දී අවබෝධ කරගනු ඇති බව ද ඔහු විශ්වාසය පළ කළේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සම්මේලනය ලබන 5 වැනිදා පැවැත්වීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 03 නොවැම්බර් 2019 15:59

    Latest News